fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2021 10:31

ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා අද පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ යි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහායි ජයන්ත කැටගොඩ මහතා අද මෙලෙස දිවුරුම් දුන්නේ.

පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ජයන්ත කැටගොඩ මහතා පසුගිය ජුලි 6 වනදා  එම ධූරයෙන් ඉල්ලා අස් වුණා. එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කෙරුණා. අද යළි මන්ත්‍රීධුරයේ දිවුරුම් දුන් ජයන්ත කැටගොඩ මහතා මීට පෙර ද අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2021 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්