එකම පවුලේ තිදෙනෙකුට මුහුද මැදදි තුවාල සිදු කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙවුන්දර ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි ධීවරයෙක්. ධීවර රැකියාව සදහා පසුගියදා කුඩාවැල්ලෙන් පිටත්ව ගිය දැහැමි දෙක නම් බහුදින යාත්රාවකදී ඇතිවූ ගැටුමකින් එකම පවුලේ තිදෙනෙකු තුවාල ලැබුවා.
සැකකරු තියුණු ආයුධයකින් ඔවුන්ට පහරදී වෙනත් ධීවර යාත්රාවක නැගී පලා ගොස් තිබූ බවයි අනාවරණ වුණේ. පොලිසිය සහ නාවික හමුදාව එක්ව කළ වැටලීමකදී සැකකරු ගාල්ල මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාලකරුවන් නාවික හමුදාවට අයත් යාත්රාවකින් ගාල්ල ධීවර වරායට රැගෙනවිත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.