කහතුඩුව සහ කොහුවල ප්‍රදේශවල නිවාස 13 ක් කොල්ලකා රුපියල් ලක්ෂ 20 කට වැඩි දේපොළ සොරකම් කළ සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහතුඩුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. මීට පෙර සිදුවූ නිවෙස් කොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකල්ලි සාමාජිකයෙකු වන ලකා නමැත්තා ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙම කල්ලිය කහතුඩුව සහ කොහුවල ප්‍රදේශවල නිවාසවලට ඇතුළුවී රන් භාණ්ඩ / මුදල් ඇතුළු දේපොළ රැසක් කොල්ලකා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තුන්දෙනෙකුම හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව කහතුඩුව පොලීසිය පවසනවා.