ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතුවීමෙන් පසු එරට මාධ්‍ය ආයතන 150කට වැඩි සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා.
පසුගිය මාසයක කාලය ඇතුළතදී ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතන 153 ක් වසා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. තවත් මාධ්‍ය ආයතන රැසක් වසා දැමීමට ආසන්න තත්ත්වයේ පවතින බවයි එම සම්මේලනය පවසන්නේ. ඇෆ්ගනිස්තානය තුළ භාෂණයේ නිදහස අතිශය භයානක ලෙස උල්ලංඝනය වන බව ද සඳහන්. කාන්තා මාධ්‍යවේදීන් තම රැකියා හැරගොස් ඇති අතර මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියාද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මාධ්‍යවේදීන් භාවිත කරන මෝටර් රථ තලෙයිබාන් භාරයට ගෙන ඇති අතර මාධ්‍යවේදීන්ද නිකරුනේ අත්අඩංගුවට ගනිමින් පවතින බව එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මාධ්‍යවේදීන් හත්දහසක් පමණ තලෙයිබාන් තර්ජනයට මුහුණ පා සිටින බව එම වාර්තාවේ අන්තර්ගත වනවා. ඔවුන් තම රැකියාව සිදු කිරීමට බියෙන් පසුවීම හේතුවෙන් ඇෆ්ගන් ජනතාවට හා ලෝකයට ඇෆ්ගනිස්තානයේ සත්‍ය තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට නොහැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.