හොරණ කෝරළඉම සොයිසාපාර ප්‍රදේශයේ නිවාස 10 ක ළිංවලට යම්කිසි තෙල් වර්ගයක් මුසුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
දින කීපයක සිට ළිං ජලයෙහි මෙම තෙල් දැකගත හැකි අතර තෙල් මිශ්‍ර ජලය ගිනි ගැනීමට පවා ලක්වන බවයි ගම්වාසීන් පවසන්නේ. ජලයේ රස වෙනස්වීම හේතුවෙන් ළිං ජලය පරීක්ෂාවට ලක්කිරීමේ දී මේ බව හෙළිවුණා. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකළා. මොරගහ හේන පොලීසිය ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එක් රැස් කළ ස්ථානයකින් කිසියම් තෙල් වර්ගයක් පරිසරයට මුදාහැර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා. එම ස්ථානයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ජනතාවට තාවකාලිකව පානීය ජලය ලබාදීමට හොරණ ප්‍රා දේශීය සභාව කටයුතු කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fGHX9yrc90k”]