සිලෝන් ටී නමින් අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
යක්කල පොලිස් වසමේ බැලුම්මහර හන්දිය අසලදී සිදු කළ වැටලීමකදීයි මෙම කසළ තේ තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. කසළ තේ කිලෝග්‍රෑම් 8155 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වැටලීම සිදුවුණා. ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ වැටලීම සිදුකෙරුණා.
පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා සිලෝන් ටී නමින් අපනයට කිරීමට සැළසුම් කර තිබූ කසළ තේ කිලෝග්‍රෑම් 267000 ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.