බාලවයස්කාර දැරියක රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකරල හිටපු බදියුදීන් මහතාගේ බිරිද හා මාමණ්ඩිය ඇප මත මුදාහැරුණා.
නමුත් රිෂාඩ් බදියුදීන්ට ඇප හිමිවූයේ නැහැ.
ජූඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රිෂාඩ් බදියුදීන් මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔහු ලබන පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර බදියුදීන් මහතාගේ බිරිද හා මාමණ්ඩිය සම්බන්ධයෙන් ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියාසිටියේ.
ඒ අනුව මෙම දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.