ක්‍රීඩා ඇමති කැමති ටීම් එකේ නැති මාලිංග
Related Articles
ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නම් තමන් බොහෝ සෙයින් සතුටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ලසිත් මාලිංග කණ්ඩායමට නැත්තේ ඇයි යන ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේබව සදහන් කළේ.
කෙසේකෙසේ වුනත් ක්‍රීඩකයින් කණ්ඩායමට තේරීමට ක්‍රීඩා ඇමති මැදිහත් වූ කාලය අද වනවිට අවසන් කරඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියා.
2006 වසරේදී 2020 වරම් දිනාගත් ලසිත් මාලිංග මේවන විට 2020 තරග 83කට ක්‍රීඩා කර තිබෙනවා. නමුත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ලසිත් මාලිංග නම් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් තමන් 2020 තරග ජීවිතයට ද සම්පූර්ණයෙන්ම සමුදෙන බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා නිවේදනය කළා.
ලසිත් මාලිංග මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා එක්නොකිරීම සම්බන්ධයෙන් අද පැවති උත්සවයකදී මාධ්‍යෙව්දීන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා.