දිවයින පුරා දැනට ක්රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (17) පැවති කොවිඩ් මර්ධන කමිටු විශේෂ රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
ඒ අනුව දැනට ක්රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන ඔක්තෝම්බර් 01 වනදා අලුයම 4 දක්වා තවදුරටත් බලපැවැත්වෙනු ඇති.
රටේ දැනට පවත්නා තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.