වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වයඹ පළාතේ වැව් 400 ක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මහවැලි කලාපවල වැව් අමුණු ප්‍රතිසංස්කරණය ද මේ වන විට සිදු කෙරෙමිනුයි පවතින්නේ.
වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ මෙරට වැව් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට වගා කටයුතු සදහා ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම රජයේ අරමුණයි. ඒ යටෙත් වයඹ පළාතේ වැව් 400 ක කඩිනම් ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කෙරුණා. දැවැන්ත මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙම සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර යල මහ දෙකන්නය සදහා වී වගාවට අවශ්‍ය ජලය ලබාදීම රජයේ සැළසුම බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/6kon1Ok-qBQ”]