fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 15:51

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. පහත් බිම් සම්පූර්ණයෙන්ම යටව ඇති අතර මහා මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ඇණහිට තිබෙනවා. ගුජරාට ප්‍රාන්තයට පසුගිය ඉරිදා සිට මේ දක්වා අඛණ්ඩව වැසි ලැබෙන බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. හත්දහසක පමණ පිරිසක් අවතැන් කදවුරු වෙත යොමු කර ඇති බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්