fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ඉහළම තත්ත්වයේ ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:50

ලොව ඉහළම තත්ත්වයේ ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අති නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් සමන්විත ලොව ඉහළම තත්ත්වයේ ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය අචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත බාරදීම පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ඊයේ සිදු කෙරිණ.

අඩි 40 ක දිගකින් හා අඩි 12 ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කරමින් රුපියල් ලක්ෂ 500 ක මුදලක් වැයකර නිර්මාණය කර තිබෙන මෙම ජංගම දැඩි සත්කාර ඒකකය ඇඳන් තුනකින් සමන්විතයි.

මෙහි ඇති ඇඳන් තුනේ ප්‍රතිකාර ලබන රෝගීන් සී.සී.ටි.වී කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරා වෙනත් කාමරයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 13:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්