fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට රනින් සැරසූ පැරාලිම්පික් ශූරයන්ට රූපවාහිනි මහගෙදරින් හරසර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:35

රට රනින් සැරසූ පැරාලිම්පික් ශූරයන්ට රූපවාහිනි මහගෙදරින් හරසර

ජපානයේ ටෝකියෝ නුවර පසුගියදා පැවති පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් ගෙන දුන් සමිත දුලාන් අද ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණියා.

මාතෘ භූමියට සුවිශාල අභිමානයක් ගෙන දෙමින් ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසු මෙම ක්‍රීඩකයන් දෙපළ මෙරට මාධ්‍ය ආයතනයක සජීවී වැඩසටහනකට  පැමිණි පළමු අවස්ථාව මෙයයි. රතු පලස මතින් මංගල බෙර හඩ මධ්‍යයේ ජයග්‍රාහී ක්‍රීඩකයන් දෙපළ කැදවාගෙන ඒම සිදු වුණා. දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට පැරාලිම්පික් තරගාවලියකදී පළමු රන් පදක්කම හිමිකර දුන්නේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින්. ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලංකා ධජය ලෝකය හමුවේ ඉහළින්ම ඔසවා තැබීමට සමත් වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ සමිත දුලාන් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් වෙනුවෙන් සම්මාන පුදකිරීමටද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය පියවර ගත්තා. දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා වෙත ඇගයීම් සම්මාන පිරිනැමීම සිදු කළේ  ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතායි. පැරාලිම්පික් තරගාවලියේදී ලබා ගත් රන් පදක්කම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩකයෙකු ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය ලෙස හැදින්වීමට පුළුවන්.

ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇගයීම සදහා පැවති මෙම වැඩසටහනට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය නියෝජනය කරමින් එහි සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංඛ, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය එක් වුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්