ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පත්වීම් ලිපිය ලබා ගත්තා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් නව මහ බැංකු අධිපතිවරයා වෙත පත්වීම් ලිපිය භාරදීම සිදුවූයේ ජනාධිපති කාර්යාලයේ දී යි. ප්‍රවීණ වරලත් ගණකාධිකාරිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
ඒ මහතා වසර නවයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරයද මීට පෙර හෙබවූවා.
දාසය වන මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට පෙර ඒ මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ.
ජනාධිපති ලේකම් පී බි ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.