fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නියාවේ සඟවා තිබූ වී මෙට්‍රික් ටොන් 60ක් වී අලෙවි මණ්ඩලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:09

වව්නියාවේ සඟවා තිබූ වී මෙට්‍රික් ටොන් 60ක් වී අලෙවි මණ්ඩලයට

අනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතා පවසනවා. පාරිභෝගික සේවා අධිකාරි නිලධාරින් වව්නියාව ස්ථාන දෙකකදී මෙම වී තොග සිය භාරයට ගෙන තිබුණා. සගවා ඇති වී තොග සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර රුපියල් 37 කට තිබූ වී කිලෝවක් රුපියල් 55 දක්වා ඉහළ දමා තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ ආර්ථික ගැටලු පවතිද්දි රජය තම වී තොග ඉහළ මිලකට ලබා ගැනීමට ක්‍රියා කිරීම අගය කරන බවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්