fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි මිනිස් ගැටුම අවම කිරීමට කෙන්යාවේ දැනුම මෙරටට ලබා ගන්න වනජීවි ඇමති සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:20

අලි මිනිස් ගැටුම අවම කිරීමට කෙන්යාවේ දැනුම මෙරටට ලබා ගන්න වනජීවි ඇමති සූදානම්

අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා කෙන්යාවේ ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම මෙරටට ලබා ගැනීමට කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය පවසනවා.

කෙන්යාවේ සංචාරයක නිතරව සිටින අමාත්‍ය සී බී රත්නායක මහතා එරට වනජීවි සංරක්ෂණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඒ පිළිබද අවධානය යොමු කෙරුණා. වනජීවි සංරක්ෂණ පුහුණු පාසලක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම මෙන්ම මෙරට වනජීවි නිලධාරීන්ට කෙන්යාවේ දී පුහුණුව ලබාදීම සදහා ද අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුණා. අංග සම්පූර්ණ වනජීවි ප්‍රතිකාර රෝහලක් ආරම්භ කිරීම හා ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට ද කෙන්යා වනජීවි සංරක්ෂණ අමාත්‍යවරයා එකග වුණා . දෙරටේ සත්වෝද්‍යාන අතර සතුන් හුවමාරු කර ගැනීම මෙන්ම හරිත සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගත් බවයි අමාත්‍යංශය සදහන් කළේ. මෙම සාකච්ඡාවට කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාථන් මහතා ද එක් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්