fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ හතරකට අධික කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්ඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:20

ලක්ෂ හතරකට අධික කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්ඩංගුවට

ලක්ෂ හතරකට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්ඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල පාර්ක් රෝඩ් ප්‍රදේශයේදීයි. සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් දෙසිය පනහක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇතතේ හතළිස් එක් හැවිරිදි මරදානේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2021 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්