ගත වූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඇමෙරිකාවෙන් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් දෙදහසකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් නවසිය තිස් හතරක්.
එමෙන්ම ඊයේ දිනයේදී ලොව පුරා රටවල් 221 කින් වයිරස ආසාදිතයින් පන්ලක්ෂ එකොළොස්දහස් හාරසිය හැත්තෑ අට දෙනෙකු හමුව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව අටදහස් අටසිය හැත්තෑවක් බවයි වාර්තා වන්නේ. ඒ සමගම හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසිදෙකෝටි හැටහය ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතළිස් හය ලක්ෂ හැටදෙදහස් අටසිය හැට නවයක්.