fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් ජීව අත්බෝම්බයක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 17:34

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් ජීව අත්බෝම්බයක් හමුවෙයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් අද ජීව අත්බෝම්බයක් හමු වුණා. ආරක්ෂක අංශ එය පිළිබද පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නාරාහේන්පිට මෙම පෞද්ගලික රෝහලේ ජීව අත්බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ අද දහවල් තහවුරු කර ගත්තා. රෝහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ වැසිකිලියක තිබියදීයි එම අත් බෝම්බය සොයා  ගැණුනේ.  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද සමග පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සදහා විශේෂ කාර්ය බලකාය රැගෙන ගොස් ඇති අතර නාරාහේන්පිට පොලිසිය මේ පිළිබද පරික්ෂණ සිදු කරනවා.

රෝහල වෙත ඇතුලුවන සහ පිටවන සියලු අය පරීක්ෂා කරමින් රෝහලේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට රෝහල් ආරක්ෂක අංශය කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්