fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෛනිකව වාහන ලක්ෂ 6ක් – මහ කොළඹ ප්‍රවාහන ජාලය වෙනස් කිරීමේ සැලසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 18:50

දෛනිකව වාහන ලක්ෂ 6ක් – මහ කොළඹ ප්‍රවාහන ජාලය වෙනස් කිරීමේ සැලසුම්

මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය තුළින් මාර්ග තදබදය අවම කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19 ක පමණ ජනතාවක් පැමිණෙන අතර රථ වාහන ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ඇතුලු වන බවට සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. මේ තුළින් දැඩි වාහන තදබදයක් මෙන්ම වායු දූෂණයක් සහ ශබ්ද දූෂණයක් ද සිදු වනවා. මෙම තත්ත්වය අවම කිරීම සදහා ප්‍රවාහන ක්ෂේත්‍රයට තිරසාර ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ඊට ආසන්න ප්‍රදේශවල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මීට අදාළ මූල්‍ය ප්‍රතිපාදන විදෙස් ආධාර මගින් ලබා ගැනීම සදහා යෝජනා සකස් කරන ලෙසද අමාත්‍යවරිය දැනුම් දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්