fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෝර්වේ මැතිවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 16:32

නෝර්වේ මැතිවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක්

නෝර්වේ රාජ්‍ය යේ පැවති මහ මැතිවරණයෙන් එරට විපක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා තිබෙනවා.

2013 වසරේ සිට නෝර්වේ පාලන බලය හිමි කරගෙන සිටි කන්සවේටිව් පක්ෂය පහසුවෙන් පරාජය කිරීමට මෙහිදී කම්කරු පක්ෂයට හැකිව තිබෙනවා. ඒ සමග නෝර්වේ වාමාංශික කම්කරු පක්ෂය රජයක් පිහිටුවීමට නියමිතයි. ඒ සදහා අනෙකුත් වාමාංශික පක්ෂ ද එක් කර ගන්නා බව කම්කරු පක්ෂය නිවේදනය කරනවා.

ජයග්‍රහණය සදහා අවම ආසන 85 ක් ලබාගත යුතු අතර බහුතර බලය හිමි කර ගැනීමට නම් ආසන 169 ක් ජයග්‍රහණය කළ යුතුයි.   කම්කරු පක්ෂයේ නායක ජෝනාස් ගාහ්ර් පවසන්නේ නෝර්වේ රාජ්‍ය යේ ආර්ථිකය ඛනිජ තෙල් කර්මාන්තය පදනම් කර ගනිමින් ගොඩ නැගීමට පියවර ගන්නා බවයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්