fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ වැඩ වසර 3ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 15:55

අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ වැඩ වසර 3ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම්

නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ වැඩ වසර තුනක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි.

මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සදහා උපදේශක සේවාවන් ලබා ගැනීමට අදාළ කටයුතු සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙහි ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට ඉදිකර, අරමුදල් සපයා මෙහෙයුම් සිදුකර පවරා දීමේ පදනම මත චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් වෙත පවරා දීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදිකිරීම සහතික කර ගැනීම පිණිස ඉදිකිරීම් හා නඩත්තු වැඩ අධීක්ෂණය සදහා ස්වාධීන ඉංජිනේරුවරයෙකු වශයෙන් උපදේශක ආයතනයක් පත්කළ යුතුයි. එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ඇති. ඒ සදහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර සුදුසු ආයතනයක් තෝරා ගැනීම සදහා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්