fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා ජනපති හමුදා පුහුණු සැසියක් නැරඹීමට එක් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 15:12

රුසියා ජනපති හමුදා පුහුණු සැසියක් නැරඹීමට එක් වෙයි

රුසියාව හා බෙලරුස් රාජ්‍ය එක්ව සිදු කරන හමුදා පුහුණු සැසියක් නැරඹීමට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් එක්ව සිටින ආකාරය එරට මාධ්‍ය වාර්තා කළා.

රුසියා පාර්ලිමේන්තු මැතිවරණය මෙම සතියේ දී පැවැත්වීමට නියමිතව තිබියදීයි මෙම පුහුණු සැසිය පැවැත්වෙන්නේ. කෙසේ වුවද පුහුණු සැසිය සම්බන්ධයෙන් නේටෝ රටවල දැඩි අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. යුක්රේනය වැනි රුසියා විරෝධි රටවලට අභියෝගයක් ලෙසයි මෙම පුහුණු සැසිය පැවැත්වෙන්නේ. ඒ සදහා ලක්ෂ දෙකක පමණ සෙබළුන් පිරිසක් සහභාගි වී සිටිනවා. යුද ගුවන් යානා අසූවක් යුද ටැංකි තුන්සියයක් පුහුණු සැසියට යොදා ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්