වසරකට ලොව වැඩිම උෂ්ණත්වය වාර්තා වන සාමාන්‍ය දින ගණන දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වසරක් තුළදී සෙලියස් අංශක 50 ඉක්මවූ දින ගණන 1980 වසරේ සිට ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 1980 වසරේ සිට 2009 වසර දක්වා එක් වසරක් තුළදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇත්තේ දින 14 ක් පමණයි. කෙසේ වුවද 2010 වසරේ සිට 2019 වසර දක්වා එක් වසරක් තුළ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ දින ගණන දින 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවූ දින ගණන සාමාන්‍ය අගයට වඩා දින 14කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සමීක්ෂණය සිදු කළ බී බි සි පුවත් සේවය සඳහන් කරන්නේ.