fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා වියළි ආහාර ද්‍රවය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 14:40

කොරෝනා හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පවුල් සඳහා වියළි ආහාර ද්‍රවය

කොරෝනා හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ  පවුල් සඳහා සේවා ලංකා පදනම වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කළා.

ජපන් රජයේ නිපොන් පදනමේ මූල්‍ය අනුග්‍රහයෙනුයි සේවා ලංකා පදනම මෙම ආධාර ලබා දුන්නේ. දිස්ත්‍රික්ක 9 ක තෝරාගත් පවුල් 1800කට මෙම ආධාර ලබා දිම සිදු කෙරෙනවා. මේ යටතේ පූනානි නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ආලම්කුලම ගම්මානයේ තෝරාගත් පවුල්වලට ආධාර ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා. ඒ වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ සුදාකරන් සේවා ලංකා පදනමේ අධ්‍යක්ෂ උදේනි ඩයස් සහ එම පදනමේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ ජී නාගරාජන් යන අයගේ ප්‍රධානත්වයෙන්. මෙහි මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී වසන්තම් නාලිකාවෙනුයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්