fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 14:25

ඩෙංගු හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය දින 14 තුළදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 58ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දරුවන්. වසර කිහිපයකට පසු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාව මෙය වනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර සඳහා වාට්ටු වෙන් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. වැසි සහිත කාලගුණයත් සමඟ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්