fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනගහණයෙන් 50%කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 13:58

ජනගහණයෙන් 50%කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක්

රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මෙම ජයග්‍රහණයේ අපි සැවොම වීරයන් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත්රාජ්‍ය හැරුණු කොට ඉහලින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම ජයග්‍රහණයේ දී සියල්ලෝම වීරයන් සහ කොටස්කරුවන් වන බවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප්‍රමාණ කැපකිරීම් කළ පිරිස, ආරක්ෂක අංශ වල නිලධාරීන්, රාජ්‍ය නායකයන් මෙන්ම රැකියාවට නොගොස් නිවෙස් වල සිටි පුද්ගලයන් පවා මෙම ජයග්‍රහණයේ වීරයන් සහ කොටස්කරුවන් වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම එකමුතුකම තුළින්ම ඉදිරි සති කිහිපය සැවොම ගතකළහොත් ප්‍රශ්න මැනවින් කළමනාකරණය කරගත හැකි බව පැවසීය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්