fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස සුදුලූනු වංචාවට නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 12:00

සතොස සුදුලූනු වංචාවට නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

සතොස වෙළෙඳසැල් සඳහා වරාය අධිකාරිය නිකුත් කළ සුදු ලූනු කිලෝ 54000කට අධික ප්‍රමාණයක් අන්තර්ගත බහාලුම් දෙකක් තුන්වන පාර්ශවයකට අලෙවි කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

සතොස අලෙවිසැල් ජාලය වෙත වරාය අධිකාරියෙන් නිකුත් කළ සුදු ලූනු කිලෝ 54860 ක් සහිත බහාලුම් දෙකක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා එල්ල වුණා. එම සුදු ලූනු තොග කිසිවෙකුගේ අවසරයකින් තොරව නිලධාරීන් විසින් තුන්වන පාර්ශවයකට අලෙවි කර ඇති බවට සතොස සභාපතිවරයා පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අදාලවයි නිලධාරීන්  හතර දෙනෙකුගේ වැඩ තහනම් කර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. වැඩ තහනම් වූ නිලධාරීන් අතර සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ද වන බව වාර්තා වනවා. එමෙන්ම මෙම සුදු ලූනු අඩංගු බහාලුම් මාබෝල සහ වැලිසර ප්‍ර දේශවලින් මේ වනවිට සොයාගෙන තිබෙනවා. බහාලුම් මිලදී ගත් සැපයුම්කරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්