ඇෆ්ගනිස්ථාන ජන ජිවිත යළි යථා තත්ත්වයට පත් කිරීමට ඇමරිකා ඩොලර් බිලියන එක ඉක්මවූ ආධාර මුදලක් ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව එකගතාව පල කර තිබෙනවා. ඊයේ ජගත් සංවිධානයේ විශේෂ සැසි වාරයක් අමතමින් එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනුයි මෙම ආධාර මුදල ලැබී තිබෙන්නේ.
තලෙයිබාන් සංවිධානය ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාවට වද හිංසා පමුණුවමින් තම ප්‍රචණ්ඩකාරී පාලන ක්‍රමයට අවතීර්ණ වී ඇති බව වාර්තා වෙනවා.
ඇෆ්ගන් ජන ජිවිත අතිශය භයානක පැය කිහිපය පසු කරමින් පවතින බව ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ඊයේ සදහන් කළා. එරටට අවශ්‍ය ඇමරිකා ඩොලර් මිලියන 600 ක පමණ ආධාර මුදල හැකි ඉක්මනින් ලබා දෙන ලෙසයි ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානයට ඇමරිකා ඩොලර් බිලයන එකයි දශම එකක ආධාර මුදලක් ලබාදීමට ඔවුන් පොරොන්දු වී තිබෙනවා.