fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලෙයිබාන් දුන් පොරොන්දු කඩ කරමින් කටයුතු කරන බවට ඇෆ්ගන් ජනතාවගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 10:03

තලෙයිබාන් දුන් පොරොන්දු කඩ කරමින් කටයුතු කරන බවට ඇෆ්ගන් ජනතාවගෙන් චෝදනා

තලෙයිබාන් සංවිධානය ලබා දුන් පොරොන්දු සියල්ල කඩ කරමින් ඔවුන්ගේ සුපුරුදු පාලන ක්‍රමවේදයට පැමිණ ඇති බවට ඇෆ්ගනිස්ථාන ජනතාව චෝදනා කරනවා.

ඇෆ්ගනිස්ථාන කාන්තාවකට තලෙයිබාන් සාමාජිකයින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. එම කාන්තාව ජංගම දුරකථනයෙන් අවට දර්ශන වීඩියෝගත කිරීම හේතුවෙනුයි ඇයට පහර දී ඇත්තේ. කෙසේ වුවද ඇය ඔවුන්ගෙන් පලාවිත් රෝහල්ගතව තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පිරිමින් සමඟ එක්ව වැඩ කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. එරට රජයේ කාර්යාල , බැංකු , මාධ්‍ය ආයතන ඇතුලු සියලුම ප්‍රමුඛ පෙලේ ආයතනයන්හි රාජකාරි කටයුතු වලින් කාන්තාවන් ඉවත් කළ යුතු බවයි තලෙයිබාන් සංවිධානයේ ඉහළ පෙලේ සාමාජිකයෙකු වන වහිදුල්ලා හෂීමි පවසන්නේ. ඔහු තලෙයිබාන් නායකයාගේ සමීපතමයෙකු ලෙසද සැලකෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්