fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 09:13

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

ඇමරිකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ගතවූ පැය 24ට ඇමරිකාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබෙනවා. ඒ සමගම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි දහ නව ලක්ෂය ඉක්මවා ගියා. ඊයේ දිනයේ දී එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1266 ක්.

මේ අතර ලොව පුරා රටවල් 221 කින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙකෝටි හැට ලක්ෂය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,652,640ක්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්