අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතාලියේ සංචාරයක නිරත වෙන්නේ පාප් වහන්සේ මුණ ගැසී පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණවල ප්‍රමාදය ගැන එල්ල වෙන චෝදනා යටපත් කිරීමට බව කාදිනල් හිමියන් පසුගියදා චෝදනා කළා. නමුත් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරයට සහභාගි වුණේ ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසි වාරයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.
අග්‍රාමාත්‍යවරයා පාප් වහන්සේ මුණ ගැසෙන බවට කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය පදනම් විරහිත බව සනාථ කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ වනවිට යුරෝපයේ සංචාරයක නිරතව සිටිනවා.
ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ කෙටි සංචාරයක් සඳහා ඊයේ දිනයේ දී හංගේරියාවට සැපත් වුණා. පැය 7 ක කාලයක් උන් වහන්සේ හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එහිදී උන් වහන්සේ එරට අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර අනතුරුව කතෝලික හමුවකට ද එක්ව තිබෙනවා. ඉන් අනතුරුව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ අද ස්ලොවැකියා රාජ්‍යයට සැපත් වුණා. එහිදී උන් වහන්සේ පිළිගනු ලැබුවේ ස්ලොවැකියා ජනාධිපති සුසානා කැපුටෝවා.
ලබන බදාදා දිනය තෙක් උන් වහන්සේ ස්ලොවැකියාවේ රැදි සිටින අතර එරට නගර හතරක සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ එරට රැදි සිටින කාලය තුළදී දේව මෙහෙයන් දෙකකට සහභාගි වීමට ද නියමිතයි.