ඉරානය හා ජගත් සංවිධානයේ න්‍යෂ්ටික ඒජන්සිය එකඟතාවකට පැමිණි බව එම ඒජන්සිය නිවේදනය කරනවා.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හා ඉරානය අතර පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් පසු මෙම එකඟතාවට පැමිණි බවයි එම ඒජන්සිය තවදුරටත් සඳහන් කරන්නේ. ලෝක බලවතුන් සමග 2015 වසරේදී ඉරානය පැමිණි න්‍යෂ්ටික එකඟතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට මෙය ඉවහල් වනු ඇති බවට එම ඒජන්සියේ ප්‍රධානී රෆායල් ග්‍රොසි සඳහන් කරනවා. ඉරානයේ නව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි යටතේ න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසුනු බවයි ඔහු තවදුරටත් පවසන්නේ. එකඟතාවට අදාළ සාකච්ඡා මෙම මස අග භාගයේදී ඕස්ට්‍රියාවේ වියානා අගනුවරදී පැවැත්වීමට නියමිතයි.