වාර්තාගත ලෙස ලොව පරිසරවේදීන් රැසක් පසුගිය වසර තුලදී ඝාතනයට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
එම වාර්තාවට අනුව 2020 වසරේදී ඝාතනයට ලක්ව ඇති පරිසරවේදීන් සංඛ්‍යාව 227ක්. අඛණ්ඩව වැඩිම පරිසරවේදීන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ දෙවන වසර ලෙසයි 2020 සැළකෙන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයින්ගෙන් 1/3ක සංඛ්‍යාවක් පරිසර විනාශයන් හෙළි කළ අය බව එම වාර්තාවේ සඳහන් වනවා. මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය ආරක්ෂා කළ යුතු වනාන්තර, ජල සම්පත හා සාගර දූෂණයට හා විනාශයට එරෙහිව නැගී සිටි පරිසරවේදීන් දැඩි ජීවිත අවදානමකට මුහුණ පා සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.