fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2021 18:17

T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඉදිරිපත් කළ මෙම ක්‍රීඩක සංචිතයට ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැහැ.

T20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් තම ක්‍රීඩකයින්ගේ නම් මේ වනවිටත් ඉදිරිපත් කර අවසන්. කෙසේ වෙතත් තරගාවලියට ඉදිරිපත්වන ශ්‍රී ලංකා සංචිත මේ වනවිට නිකුත්වී තිබෙනවා. එහිදී මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නායකත්වය හිමිව තිබෙන්නේ වර්තමාන T20 නායක දසුන් ශානකටයි. ධනංජය ද සිල්වාට උප නායකත්වය හිමිවී ඇති අතර කුසල් ජනිත් පෙරේරා , අවිශ්ක ප්‍රනාන්දු , චරිත් අසලංක , භානුක රාජපක්ෂ සහ දිනේෂ් චන්දිමාල් මෙවර තරගාවලිය සදහා පිතිකරුවන් ලෙස නම්කර තිබෙනවා. වනිදු හසරංග , දුෂ්මන්ත චමීර , අකිල ධනංජය , චාමික කරුණාරත්න සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතයට ඇතුළත්කර තිබෙන්නේ පන්දු යවන්නන් ලෙසිනුයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් මෙවර සංචියට එක්කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එවැන්නක් සිදුව නැහැ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2021 18:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්