පාදුක්ක බෝපේ ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වුණා.
ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා සෙබළෙකු වන ආමි ඩගි නැමති පුද්ගලයෙකුයි. නීති විරෝධි මත් පැන් පෙරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරු සහ ගිනි අවි අත්අඩංගුවට ගැණුනා. බෝර දොලහ ෂොට්ගන් ගිනි අවියක් උණ්ඩ තුනක් හා කොටන තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.