fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති අද G-20 අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුව අමතයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2021 11:34

අගමැති අද G-20 අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුව අමතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී 20 අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතයි.අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතුරතුරදී රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමුවී ද්වීපාර්ශිවික සාකච්ඡා පැවැත්වීමට ද සැළසුම්කර තිබෙනවා.

ඉතාලියේ බොලොංඤා් හිදි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර සමුළුවේ තේමාව වන්නේ සංස්කෘතින් අතර සාමය , ආගම් අතර අවබෝධය යන්නයි. දින තුනක් පැවැත්වෙන ජී විස්ස අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට විවිධ රටවල් නියෝජනය කරමින් දූත කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයා එහිදී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයක් සිදු කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඉතාලි අග්‍රාමාත්‍ය මරියේ ඩ්‍රැගි යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි ස්ලෝවේනියා ජනාධිපති බොරුට් පාහෝර් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකුම හමුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2021 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්