fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණිකේ මගේ හිතේ – නැරඹුම් වාර මිලියන 100 පසුකරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 20:00

මැණිකේ මගේ හිතේ – නැරඹුම් වාර මිලියන 100 පසුකරයි

නව පරපුරේ ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා ගායනා කළ  මැණිකේ මගේ හිතේ ගීතයේ නව ගැයුම යූ ටියුබ් වෙබ් අඩවියේ මිලියන 100 ක නැරඹුම් වාර හිමි කරගෙන තිබෙනවා.

කෙටි කලක් තුළ යූ ටියුබ් හි මිලියන 100 ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගත් පලමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන්නේ යොහානි ද සිල්වා යි. ස්පොටිෆයි වර්ගීකරණය අනුව ලොව ප්‍රධානතම වයිරල් වීඩියෝ  50 අතරට මැණිකේ මගේ හිතේ ගීතය ඇතුලත්ව තිබෙනවා. ඉන්දියා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීම් අනුවද පළමු ගීත 100 අතරින් 8 වන ස්ථානය ලබා ගෙන ඇත්තේ මෙම ගීතයයි.

ශ්‍රී ලංකා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ද මැණිකේ මගේ හිතේ ගීතය සමත්වුණා. යූ ටියුබ් හි මිලියන දෙකකට වැඩි ග්‍රාහකයින් පිරිසක් ලබා ගැනීමට හැකි වූ පළමු ශ්‍රී ලාංකික කලාකාරිනිය බවට ද යොහානි ද සිල්වා පත්වුණා.

මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX .

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 20:00

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්