fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලතල වැඩිවන මහ බැංකු අධිපති ධුරයට රාජ්‍ය ඇමති කබ්රාල් සුදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 12:04

බලතල වැඩිවන මහ බැංකු අධිපති ධුරයට රාජ්‍ය ඇමති කබ්රාල් සුදානම්

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්මයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සදුදා දින පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බවට වාර්තා වනවා.

කොහොමවුණත් මේ ඉල්ලා අස්වීම සිදුවෙන්නේ මහබැංකු අධිපතිධුරයේ සිදුවන පුරප්පාඩුව පිරවීම සදහා බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියන්නේ.

තමන් මහබැංකු අධිපතිධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ දින නිවේදනයක් නිකුත් කළා. ඒ තමන් සිය 80 වැනි ජන්ම දිනය එළඹෙන විට මෙම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර සිටි බව පවසමින්. මේ හේතුවෙන් පුරප්පාඩු වන මහබැංකු අධිපතිධුරය සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නම් කර තිබෙනවා.

නව මහබැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි පත්කෙරෙන්නේ එම තනතුරේ ඇති බලතල ඉහළ නංවමින් බවට ද වාර්තා වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්