fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගහරුවල ජීවයක් තිබ්බ බවට නාසාවෙන් සාක්ෂි සොයාගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 11:25

අගහරුවල ජීවයක් තිබ්බ බවට නාසාවෙන් සාක්ෂි සොයාගනී

නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත යවන ලද රෝවර් යානයෙන් ලබාගත් පාෂාණ සාම්පල දෙකකින් එහි ජීවය පැවති බවට සාක්ෂි ලැබී තිබෙනවා.

එම පාෂාණ කොටස් දෙක දීර්ඝ කාලයක් ජලයට නිරාවරණය වී ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. එබැවින් අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් පැවති බව විශ්වාස කළ හැකි බවට නාසා ආයතනයට සම්බන්ධ විද්‍යාඥයින් මත පළ කර කරනවා.

රෝද 6 කින් යුත් රොබෝ යන්ත්‍රයක් මඟින් පාලනය වන රෝවර් යානය පසුගිය සැප්තැම්බර් 6 වනදා සහ 8 වනදා අදාළ පාෂාණ සාම්පල කොටස් දෙක එක්රැස් කර ගත් බවයි පැවසෙන්නේ.

මේ වන විට එම සාම්පල කොටස් රෝවර් යානය තුළ ගබඩා කර ඇති අතර ඒවා පෘථිවියට රැගෙන ඒමෙන් පසු තවදුරටත් පර්යේෂණ පැවැත්වීමට නියමිත බව  වාර්තා වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2021 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්