ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා. ඒඩ්න් මාක්රම් පන්දු 33 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 2 ක් හා එක් හතරේ පහරක් සමගින්.
පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 23 කට කඩුලු 2 ක් බිදහෙලුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 135 ක් පමණයි. ඒ අනුව ලකුණු 28 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66 ක් ලබාගත්තා.
තරගාවලියේ දෙවන තරගය හෙට පැවැත්වෙනවා.