අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගියා.
බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිටත්ව ගියේ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.