තල් සංවර්ධන මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සදහා බෙදාහැරීමේ නියෝජිතයන් පත් කිරීමට කටයුතු කළා.
මේ සදහා වන ගිවිසුමට අත්සන් තැබීම විෂය භාර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවරදී සිදු කෙරුණා. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නිශාන්ත පතිරාජ මහතා සහ බෙදා හැරීම් නියෝජිතයන් ලෙස පත් කෙරුණු ඩියුක් අලංකෝ, ආරුමතුරෙයි සිවරාබුරන් යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබුවා. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියද මෙම අවස්තාවට එක්වුණා.