චීනයෙන් ඇනවුම් කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරෙන් එක් කොටසක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.
එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මෙම එන්නත් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 869 දරණ ගුවන් යානයෙන්. කිලෝග්‍රෑම් 16192ක් බරින් යුත් පෙට්ටි 42ක මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. පසුව එම එන්නත් වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා.