අපේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ තරග ජයගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වසරේ සිට ලබා දෙන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිට වූ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක ත්‍යාග මුදලක් ලබාදීම එහි ආරම්භක පියවර ලෙස සිදු වනවා. ඊට අමතරව ඔහු පිහිටවූ ලෝක වාර්තාව වෙනුවන් තවත් අතිරේක මුදලක් එකතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගත් දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක මුදලක් හිමිවනු ඇති. පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 77 ක් දිනාගෙන සිටින චීනය පෙරමුණේ පසුවනවා. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ පදක්කම් 33 ක් දිනාගත් බ්‍රිතාන්‍යයි. රුසියා කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 32 ක් දිනාගනිමින්. රන්පදක්කමක් හා ලෝකඩ පදක්කම්ක් දිනාගත් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 53 වන ස්ථානයයි.