සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 300 රැස්කර ගත්තා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118 ක් රැස්කර ගත්තා.
ඔහුට අනගි සහායක් ලබා දුන් චරිත් අසලංක ලකුණු 72 ක් රැස්කළා. ධනංජය ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 44 ක්. මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 301 ක ඉලක්කයක් ලැබී තිබෙනවා.