ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී කැරලි කණ්ඩායමේ නායක සෙයිඩ් අලි ගිලානි ජීවිතක්ෂයට පත්වුණා.
මිය යන විට ඔහුගේ වයස 92 ක්. දිගුකලක් රෝගාතුරව සිටි ඔහු ශ්රී නගර් හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඉන්දීය රජයට එරෙහිව ක්රියාත්මක වූ දරුණුම බෙදුම්වාදී කණ්ඩායමක නායකයා වූ ගිලානි වසර 11 ක් නිවාස අඩස්සියේ පසුවුණා. ඔහුගේ අවසන් කටයුතු පැවැත්වීමට නියමිත කාශ්මීරයේ ශ්රී නගර් හි මේ වන විට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. අවසන් කටයුතු අතරතුරේදී ඇතිවිය හැකි කලහකාරී තත්ත්වය වළක්වාලීමේ අරමුණින් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි අදාළ බලධාරීන් පවසන්නේ.