කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ආරම්භ කළ එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කර තිබෙනවා.
වයස අවුරුදු 30 ට වැඩි හැම කෙනෙක්ම කොරෝනා මර්දන එන්නත ලබා ගන්න එක අනිවාර්ය කාරණයක් කියලයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
එන්නත්කරණ වැඩපිළිවෙල ද දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. යුද හමුදාවේ මෙහෙයවීමෙන් විහාරමහාදේවී උද්‍යානයේ හා දියත උයනේදී එන්නත්කරණ වැඩපිළිවෙල අද දවස පුරා සිදු කෙරෙන බව යුද හමුදාව පවසනවා.
යුද හමුදා පළමුවන වෛද්‍ය බලකායේ මෙහෙයවීමෙන් වේරහැර පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනට ද ජනතාව වැඩිවශයෙන් එක්වෙමින් සිටිනවා. ගැබිනි මව්වරුන්ට ද මෙහිදී කොරෝනා මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි යුද හමුදාව සදහන් කළේ.
ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙය වීමෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මකයි. සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මෙහිදී සිදු වනවා.
මඩකලපුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට නිවෙස්වලටම ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන ඉලක්ක කරගනිමිනුයි වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ.
ගාල්ල දිස්ත්‍රික්කයේද එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක අතර ප්‍රදේශ රැසකම වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 90 කට එන්නත් ලබාදීම අවසන් කර තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිවෙස්වලටම ගොස් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ එම වැඩපිළිවෙල අවසන් කිරීම රජයේ අරමුණයි.
මේ අනුව කුමන හෝ එන්නතක පළමු මාත්රිව මේ දක්වා ලබාදී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි විසිපන් ලක්ෂ හැට හතර දහස් දෙසිය නවයක්. දෙවන මාත්‍රාව පුද්ගලයින් 8,582,094කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.