එන්නත් මගින් නිපදවන ප්‍රතිශක්තිය අභිබවා යන නව වයිරස් ප්‍රභේදයක්
Related Articles
දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොරෝනා වයිරසයේ විකෘතිතා ගැන තවමත් අධ්‍යයනය කරමින් සිටින බව එරට බෝවන රෝග පිළිබද ජාතික ආයතනය පවසනවා.
ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෙය කොපමණ ප්‍රබලදැයි යන්න සම්බන්ධයෙන් ලොව පුරා පරික්ෂණ ආරම්භ වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂකයන් සැක පල කරන්නේ සියලු කෝවිඩ් වයිරස ප්‍රභේද අභිබවා ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කෝවිඩ් ප්‍රභේදය, එන්නත් මගින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවයි. සී වන් ටූ නැමැති නව වයිරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවට අමතරව එංගලන්තයේ චීනය කොංගෝ, මොරේසස්, නවසීලන්තය, පෘතුගාලය හා ස්විස්ටර්ලන්තය යන රටවලින් ද සොයා ගෙන තිබෙනවා.