ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට එම ප්‍රකාශය ලබාදිම සදහා තවත් දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිම සදහායි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ. ඒ එම ආයතනවල සභාපතිවරුන් කළ පැමිණිල්ලකට අනුවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීම සහ ඖෂධ නිෂ්පාදන පිළිබදව ජයරුවන් බණ්ඩාර මහතා එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීමක් කර තිබුනා.
ඒ මහතා වෙනුවෙන් පැමිණ සිටි නීතිඥවරුන් කියා සිටියේ ජයරුවන් බණ්ඩාර මහතා කොරෝනා වැළදී නිරෝධායනය වෙමින් සිටින බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/qP9VUTJo4zs”]